පැය 24ට අමෙරිකාවේ මරණ 1,715ක්

මැයි 15, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව තවදුරටත් වැඩිම බලපෑමට ලක්ව ඇති රට අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,715ක්.

    ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27,246ක්. ඒ අනූව, එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාහතර ලක්ෂ පනස් හත් දහස ඉක්මවා ඇත්තේ, සමස්ත මරණ සංඛ්‍යාව 86,000 ඉක්මවා ඇති පසුබිමකයි. අමෙරිකාවේ වෛරසය ආසාදනය වූ තුන් ලක්ෂ දහ අට දහසකට අධික පිරිසක් සුවය ලබා සිටියි.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 10:57

    Latest News