කොරොන වෛරසය “ස්වාභාවික සම්භවයක්” - ලෝක සෞඛ්‍ය සංවිධානය

මැයි 02, 2020

    COVID -19 රෝගයට හේතු වන කොරොන වෛරසය “ස්වාභාවික සම්භවයක්” සහිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අවධාරණය කරයි.

    වෛරසයේ ජානමය අනුපිළිවෙල පරීක්ෂා කරන විද්‍යාඥයින්, ඊට ස්වාභාවික සම්භවයක් ඇති බව නැවත නැවතත් සහතික කර ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Michael Ryan ජිනීවා නුවර දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

    ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Ryan කියා සිටියේ, තම සංවිධානයට දැන් ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ, මෙම වෛරසය සඳහා ස්වාභාවික සත්කාරකත්වය කුමක්ද යන්න සහ සත්ව මානව සම්ප්‍රේෂණය සිදු වූයේ කෙසේද යන්න බවයි.

    එහි පරමාර්ථය වන්නේ එය නැවත සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය වැළැක්වීම සහ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

    පවතින සියලු සාක්ෂි අනුව, නව කොරොනා වෛරසයට සත්ව සම්භවයක් ඇති බවත්, එය විද්‍යාගාරයක හෝ වෙනත් තැනක හැසිරවූ හෝ ගොඩනගන ලද වෛරසයක් නොවන බවත්,පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේය.

    එහි ප්‍රකාශිකා Fadela Chaib අප්‍රේල් 21 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මෙම රෝගය වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ අතරමැදි සත්කාරකයක සතෙකු නිසැකවම සිටින බවයි.

    වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලට ආරාධනය කරන බවද, චීන විශේෂඥයින් ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා ඉතා ක්‍රියාශීලිව උත්සාහ කරන බව ද ඇය සඳහන් කළාය.

    Latest News