ගම්බිම් බලා යාමට සංක්‍රමණික සේවකයින්ට ඉන්දීය රජයෙන් අවසර

අප්‍රේ 30, 2020

    අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරොනා නව මරණ 71ක් සිදුව තිබේ.

    ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,079 දක්වා ඉහළ ගියේය. ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් 33,060 වාර්තා වන්නේ ඉකුත් පැය 24 තුළ තහවුරු වූ නව ආසාදිතයන් 1,738 දෙනාත් සමඟයි. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව වසා දැමීමට කටයුතු කිරීමත් සමඟ තම ගම්බිම් බලා පිටත්ව යාමට නොහැකිව දහස් ගණනක් සංක්‍රමණික සේවකයන් අපහසුතාවට පත්වූහ. කෙසේ වුවත්, මේ වනවිට එම සංක්‍රමණික සේවකයන්ට තම ගම්බිම් බලා පිටත්ව යාමට ඉන්දීය රජය අවසර ලබා දී තිබේ.

    Latest News