ඉරානයයෙන් ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක්

අප්‍රේ 23, 2020

    ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක්‌ කක්ෂ ගත කරයි.

    මේ හේතුවෙන්‌ ඉරානය සහ අමෙරිකාව අතර අර්බුදකාරී තත්ත්වය තවදුරටත්‌ උග්‍ර වී ඇති බව, විදෙස්‌ වාර්තාවල සඳහන්‌ වේ.

    නව යුද චන්ද්‍රිකාව, නූර්‌ නැතහොත්‌ ආලෝකය ලෙස නම් කර තිබේ. චන්ද්‍රිකාව, කිලෝමීටර්‌ 425 ක දුරින්‌ සාර්ථකව කක්ෂ ගත කළ බව ඉරොන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන්‌ කරයි. කෙසේ වුවත්‌ අමෙරිකානු රාජ්‍ය ලේකම්‌ මයික්‌ පොම්පෙයෝ කියා සිටියේ, ඉරානය එක්සත්‌ ජාතීන්ගේ සංගමයේ ගිවිසුම්‌ උල්ලංඝනය කරමින්‌ කටයුතු කරන බවයි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප්‌ ද ට්විටර් පණිවිඩයක්‌ නිකුත්‌ කරමින්‌ සඳහන්‌ කර ඇත්තේ, අමෙරිකානු නෞකාවන්ට හිරිහැර වන අන්දමින්‌ කටයුතු කරන ඉරාන යුද බෝට්ටු විනාශ කරන ලෙස අමෙරිකානු නාවික හමුදාවට උපදෙස්‌ ලබාදී ඇති බවයි. ඉකුන්‌ සතියේ ගල්ෆ්‌ කලාපයේදී ඉරාන බෝටිටු කිහිපයක්‌ අමෙරිකානු නෞකාවන්ට හිරිහැර වන අන්දමින්‌ කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වුවත්‌ දෙරටේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක්‌ පවතින මොහොතක ඉරානයේ මෙම යුද චන්ද්‍රිකා කක්ෂ ගන කිරීම අමෙරිකාවට වක්‍ර අනතුරු ඇඟවීමක්‌ විය හැකි බව, විදෙස්‌ වාර්තාවල සඳහන්‌.

    Latest News