කොරොනා නිසා චීනයේ මිය ගිය සංඛ්‍යාලේඛන අලුත් වේ

අප්‍රේ 17, 2020

    චීනයේ වූහාන් නගරයේ මියගිය පිරිස සම්බන්ධ සංඛ්‍යාලේඛන 50%කින් ඉහළ නංවා තිබේ.

    මීට පෙර වූහාන් නගරයේ මියගිය පිරිස සඳහන් වුණේ 2,579ක් ලෙස. නමුත්, දැන් එම අගය 3,869 දක්වා ඉහළ ගොස් ඇත. නව සංඛ්‍යා ලේඛනවලට එක්වී ඇති මරණ සංඛ්‍යාව 1290ක්වේ. ඉකුත් පැය 24 තුළ ද චීනයෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 15 දෙනෙකුම විදේශයන්හි සිට පැමිණි අයවේ. මේ අතර, චීනයේ ආර්ථිකය මේ වනවිට ඉතිහාසයේ දරුණුම කඩාවැටීම පෙන්නුම් කරන බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News