ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලටම කොරෝනා

අප්‍රේ 17, 2020

    ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලම පාහේ කොරෝනා වෛරසයේ අවදානම් නගර ලෙස නම් කෙරිණ.

    දිල්ලි අගනුවර ඇතුළු ප්‍රධාන නගර 06ක් ඊට අයත්වේ. ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ, වෛරසය ආසාදනය වන ප්‍රමාණය අනුව වර්ණ කේතවලින් අනතුරුදායකමට්ටම් සලකුණු කිරීමට තීරණය කර ඇති බවයි. මේ අනුව, දිල්ලි අගනුවර, මූල්‍ය අගනගරය වන මුම්බායි, චෙන්නායි, බැංගලෝර්, කල්කටා සහ හයිද්‍රාබාද් යන නගර අධික අවදානම් කලාප ලෙස නම් කර ඇත. ඊට අයත් දිස්ත්‍රික්ක 170ක් ද අධි අවදානම් හෙවත් රතු කලාප ලෙස, නම් කර තිබේ. ඉන්දියාවේ කොරෝනා වැඩපිළිවෙළ සඳහා ඉදිරි පෙළ සේවය කරන පවුල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ගෙවන වැටුප් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව, ඔවයුන් චෝදනා කරයි. ඔවුන්ට දිනකට වැටුප ලෙස ලැබෙන්නේ, ඉන්දියානු රුපියල් 30ක මුදලක් පමණි. එරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 13,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇත. මරණ සංඛ්‍යාව 450කට ආසන්න වී තිබේ.

    Latest News