අමෙරිකාව ප්‍රන්ත මට්ටමින් විවෘත කිරීමේ සූදානමක්

අප්‍රේ 17, 2020

    අමෙරිකාව ප්‍රන්ත මට්ටමින් විවෘත කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

    ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වෙත ලබා දී තිබේ.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළ ප්‍රාන්තවල ආර්ථික කටයුතු යළි යථා තත්වයට පත් කර ගැනීමේ අරමුණිනි. ඉදිරි සති කිහිපය තුළ ප්‍රාන්තවල COVID-19 ආසාදිතයින් පිළිබඳව කෙරෙන පරීක්ෂාවන් ඉහළ නැංවීමට ද මෙමගින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

    තවද නිව්ජර්සි ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසයක තාවකාලිකව ඉදිකරන ලද මෘත ශරීරාගාරයක මෘත ශරීර කිහිපයක් රඳවා ගැනීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නැයි, ප්‍රාන්ත නගරාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. එහි මළ සිරුරු 17කට වැඩි ප්‍රමාණයක් තිබූ බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. අමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව හය ලක්‍ෂ හැත්තෑ අටදහස ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 34,600 ඉක්මවා තිබේ.

    මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය වන ඉවන්කා ට්‍රම්ප් පසුගිය සතියේ නිව්ජර්සි ප්‍රාන්තයේ පෞද්ගලික සංචාරයකට යාම පිළිබඳ බොහෝ දෙනාගේ චෝදනා එල්ල වුණා. මුළු රටටම නිවාසවල සිටීමට උපදෙස් දී තිබියදී, ඇය මෙසේ සංචාරය කිරීම නීතිය කඩ කිරීමක් බව බොහෝ දෙනා චෝදනා කරයි.

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 17:31

    Latest News