බ්‍රසීලයේ කොරෝනා රෝගීන් සොයා සෞඛ්‍ය අංශ නිවසට

අප්‍රේ 15, 2020

    බ්‍රසීලයේ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 4,000කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.

    රෝගය පාලනය සඳහා තව ක්‍රමයක් ලෙස සෞඛ්‍ය නිලධාරීන් නිවසට පැමිණ රෝගීන් පරීක්ෂා කිරීම ආරම්භකර ඇති බව, වාර්තා වෙයි.

    මේ වන විට බ්‍රසීලය තුළ කොරෝනා වෛරස ආසාදිතයන් 25,000කට අධික පිරිසක් වාර්තා වී තිබේ. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිවෙසින්, නිවෙසට සෞඛ්‍ය කණ්ඩායම් මඟින් වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සොයා වෛරස පරීක්ෂාව සිදු කෙරේ. නාසය හා මුඛය ආධාරයෙන් කෙරෙන පරීක්ෂාව මඟින් පැය 48ක් ඇතුළත ප්‍රතිඵල ලබාදීම ද සිදුවන බව, වාර්තා වෙයි.

    මෙමගින් දැනට වෛරසය වැළඳී ඇති පුද්ගලයන් හා නිරෝගී පුද්ගලයන් එකට ගැවසීම වළක්වා ගැනීමත්, එමඟින් රෝගය පැතිරීම නවතා ගැනීමත් අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News