වසංගතය පාලනයට - නිර්නායක 6 ක්, පුළුල් අවධානයක් - WHO

අප්‍රේ 14, 2020

    වසංගත පාලන පියවර ඉවත් කිරීමට පෙර නිර්නායක 6ක් පුළුල් වශයෙන් සැලකිල්ලට ගත යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (13) මේ බව ප්‍රකාශ කළේය.

    වසංගත‍ කාලය තුළ නිවසේ නිරෝධායනය යනාදී පියවර ඉවත් කිරීමට ඇතැම් රටවල් සූදානමින් සිටිති.

    එහෙත් අදාළ පාලන පියවර ඉවත් කිරීමට පෙර, නිර්නායක 6ක් පුළුල් වශයෙන් සැලකිල්ලට ගත යුතු බව, වත්මන් අත්දැකීම්වලින් පෙන්වා දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    ඊයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම ප්‍රකාශ කළේ, නව කොරොනා වසංගත වැළැක්වීම හා පාලනය පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරනු ඇති බවයි.

    පාලන පියවර ඉවත් කිරීමට පෙර, ඒ ඒ රටවල් අදාළ නිර්නායක 6 කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    වසංගතයේ පැතිර යන තත්ත්වය පාලනය කර තිබේ.

    සියළු රෝගීන් සොයා ගැනීම, පරීක්ෂා කිරීම, නිරෝධායනයට යොමු කිරීම හා ප්‍රතිකාර කිරීම මෙන්ම, ආසාදිතයින් හා සමීපව සිටින පිරිස සොයා ගැනීම යන හැකියාවන් පොදු සෞඛ්‍ය පද්ධතියට ඇත.

    සෞඛ්‍ය සේවා ආයතන හා සාත්තු නිවාස යන විශේෂ ස්ථාන වල වසංගතය පැතිරීමේ අවදානම අවම මට්ටමකට පවතී.

    කාර්යාල, පාසල් හා ජනතාව ගැවසෙන වෙනත් ස්ථානවලට වසංගත වැළැක්වීමේ විධිවිධාන යොදා ඇත.

    පිටරට වලින් ආසාදන පැමිණීමේ අවදානම පාලනය කළ හැකිය.

    ප්‍රජාවන් වසංගත පාලනය සාමාන්‍යකරණය කිරීමේ තත්ත්වයට අනුගත වී තිබේ.

    Latest News