බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට

අප්‍රේ 07, 2020

    ඊයේ දින රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කළ බව වාර්තාවේ.

    COVID-19 ආසාදනයවීමෙන් දින 10ක පමණ කාලයක් ඔහු ස්වයං නිරෝධායනයේ නිරතව සිටියේය.

    මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි.

    මේ සමගින් බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම, අගමැති නියෝගයෙන්, එරට විදේශ කටයුතු ඇමති ඩොමිනික් රබ් වෙත පවරා ඇති අතර, අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ වගකීම මේ යටතේ ඔහු වෙත පැවරෙනු ඇත.

    අගමැතිවරයාගේ තත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ ද දැඩි අවධානය යොමුව ඇති අතර සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරන්නේ, ඔහුගේ තත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු ලොව පුරා රාජ්‍යනායකයින් රැසක් අගමැතිවරයාගේ ඉක්මන් සුවය පතා ඔහුට ආශිර්වාද එක්කළ බව ද වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 11:06

    Latest News