බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස්‌ ජොන්සන්‌ රෝහල්‌ ගතවෙයි

අප්‍රේ 06, 2020

    කොරෝනා වෛරසයෙන්‌ බලපෑමට ලක්වූ තවත්‌ ප්‍රබල රාජ්‍යයක්‌ ලෙස බ්‍රිතාන්‍යය සැලකේ.

    බ්‍රිතාන්‍ය එලිසබෙත්‌ මහ රැජිණ ඊයේ එරට ජනතාව අමනමින්‌ විශේෂ ප්‍රකාශයක්‌ කළාය. මහරැපිණ, මෙලෙස ජනතාව ඇමතීම අතිශය දුර්ලභ සිදුවීමක්‌ ලෙසයි, සැලකෙන්නේ. එහිදී බ්‍රිනාන්‍ය මහ රැජිණ ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා වෛරසය මර්දනයට බ්‍රිතාන්‍යයට හැකිවනු ඇති බවයි. එසේම ඒ සඳහා කැපවන සියලු දෙනාට ඇය සිය ස්තූතිය ද පළකළා. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස්‌ ජොන්සන්‌ ද කොරෝනා වෛරසය හේතුවෙන්‌ රෝහල්‌ ගතව තිබේ.

    දිගටම රෝග ලක්‍ෂණ මතුවීම හේතුවෙන්‌ ඔහු ඊයේ සවස ලන්ඩන්‌ නුවර රෝහලක්‌ වෙත ඇතුළු චී ඇති බව වාර්තාවේ. බිතාන්‍යයේ මේ වන විට කොරෝනා වෛරස්‌ ආසාදිතයින්‌ 47,000 කට අධික පිරිසක්‌ හඳුනාගෙන ඇති අතර, වර්තා වන මරණ සංඛ්‍යාව 4,900 කට අධිකයි.

    Latest News