චීනයට යළි කොරොනා අවධානමක්

මාර් 24, 2020

    චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු වාර්තා වී තිබේ.

    මරණ 7 ක් ද ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. මෙම තත්ත්වය COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ දෙවන වරටත් පැතිර යාමේ අවදානමක්දැයි මේ වන විට සැක මතුව තිබේ.

    නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප‍්‍රදේශයෙන් සතියකට පමණ පසු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම ද විශේෂ සිදුවීමකි.

    චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අසූ එක්දාහ ඉක්මවයි. සිදුව ඇති මරණ ගණන 3,277 කි.

    Latest News