COVID-19 රෝගීන් වෙනුවෙන් බ්‍රසීලයේ නව රෝහලක්

මාර් 24, 2020

    COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රසීලය නව රෝහලක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

    මෙහි විශේෂත්වය වන්නේ ක්‍රීඩාපිටියක් තුළ රෝහල ඉදිකිරීමයි. ඉදිකිරීම් හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි, එරට බලධාරීන් පවසන්නේ.

    බ්‍රසීලය, කොරෝනා වෛරසයෙන් මේ වනවිට දැඩි ලෙස පීඩි විඳියි. රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එරට රජය පියවර රැසක්ම ගෙන තිබේ. මේ වන විට ප්‍රදේශ රැසක පාසල්, කඩසාප්පු සහ අත්‍යවශ්‍ය සේවා නොවන ස්ථාන වසා දමා ඇති අතර ක්‍රීඩා තරග ඇතුළු සියලු, මහජනතාව එක්රැස්වන උත්සව තහනම් කර ඇත.

    Latest News