අමෙරිකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

මාර් 23, 2020

    ඊයේ දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 400 දෙනෙක් මිය ගිය බවයි, වාර්තා වන්නේ.

    ඉන්දියාව ඊයේ දිනයේ පැය 14ක ජනතා ඇඳිරිනීතියකට යටත් කෙරිණ. අමෙරිකාවේ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවයි, වාර්තා වන්නේ. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝක් නගරයටයි. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ වෙනත් සැපයුම් තව දින දහයකින් පමණ ප්‍රාන්තය පුරා දැඩි ලෙස හිඟයක් ඇතිවිය හැකි බවටයි, ප්‍රාන්ත නගරාධාපතිවරයා කියා සිටින්නේ.

    මේ අතර බ්‍රිතාන්‍ය සඳහන් කරන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා රජය විසින් ලබාදෙන නියෝග පිළිනොගන්නා අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 09:48

    Latest News