කොරෝනා මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවයි..ආසාදිතයින් 3,37000ක් 

මාර් 23, 2020

    ලොව පුරා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ. වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ, තුන් ලක්ෂ තිස් හත් දහසක් ලෙසයි.

    මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 5,476ක් ලෙසයි. ඊයේ දිනයේ පමණක් ඉතාලියේ මරණ 651ක් වාර්තා විය. ලොව වැඩිම කොරෝනා වෛරස මරණ වාර්තා වන රට වන්නේ ඉතාලියයි. ඉතාලියේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා එරට අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමක අනූව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉතාලියට 800ක් පමණ වන හමුදා හා විශේෂඥ කණ්ඩායම් යැවීමට පියවර ගෙන තිබේ.

    ඊට අමතරව කියුබාව ද වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් මේ වන විටත් ඉතාලියට පිටත්කර යවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

     

    Last modified on සදුදා, 23 මාර්තු 2020 09:07

    Latest News