COVID 19 ව්‍යාප්ත වු රටවල් ගණන 185ක්

මාර් 21, 2020

    නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා විය.

    මේ අතර දිනක් තුළ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයින් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

    චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා පැතිරුණු නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 185 ක ව්‍යාප්තව තිබේ.

    ලොවපුරා කොරෝනා වෛරස අසාදනයෙන් මියගිය සංඛ්‍යාව 11,889 ක් දක්වා ඉහළගොස් ඇති අතර, මුළු ආසාදිතයින් සංඛ්‍යාව 286,799 කට අධිකයි. 

    කොරෝනා වෛරස ආසාදනයෙන් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 93,602 ක්.

    Latest News