ට්‍රම්ප් ඉන්දියාවට ළගා වෙයි

පෙබ 24, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ඉන්දීය නිල සංචාරය අරඹමින්, මීට සුළු වේලාවකට පෙර ඉන්දියාවට ළගා විය.

    එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පෞද්ගලිකවම අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීම විශේෂත්වයක්. අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයෙන් ඉන්දියාවට ළගා විය.

    ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිසක් ඊට එක්ව සිටියි. අමෙරිකානු ජනාධිපතිවරයා ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නමස්තේ ට්‍රම්ප් නමින් සංවිධාන කෙරෙන විශාලතම රැළියක් ඇමතීමට නියමිතයි. මේ වන විටත් විශාල වශයෙන් ජනතාව එම ක්‍රීඩංගණයට එක්රොක් වෙමින් සිටින බවයි, වාර්තා වන්නේ. අමෙරිකානු ජනාධිපතිවරයා අග්‍රා හා නවදිල්ලි නගරවල ද සංචාරය කිරීමට නියමිතයි. ඉන්දියාවේ චාරිකා කරන 7 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්. 2018 වසරේ දී දෙරට අතර සිදුකෙරුණු වෙළෙදාම අමෙරිකානු ඩොලර් බිලියන 142කට අධිකයි.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 12:54

    Latest News