“කොවිඩ් 19“ ව්‍යාප්තවීමත් සමඟ අනියත බියක් එපා; එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පෙබ 24, 2020

    දකුණු කොරියාව ආශ්‍රිතව “කොවිඩ් නයින්ටීන්“ වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    නගර රැසක වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ දකුණු කොරියානු රජය හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කළේය. දකුණු කොරියාවෙන් ඊයේ දින පමණක් රෝගීන් 161 දෙනෙකු වාර්තා වූහ. වැඩිම බලපෑමක් එල්ල වී ඇති, ඩෙගු නගරය නිරෝධායනය කිරීම සඳහා කොරියානු බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ. නගරය ආශ්‍රිතව මුඛ ආවරණ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් ද දක්නට ලැබිණ. වෛරසය ආසාදනයෙන් මේ වනවිට දකුණු කොරියාවේ 9 දෙනෙකු මියගොස් තිබේ.

    මේ වනවිට චීනයෙන් පිටත රටවල් රැසක වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය ආශ්‍රිතව මරණ වාර්තා වී තිබේ. ඉතාලියේ “කොවිඩ් නයින්ටීන්“ වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ලොම්බාඩ් හා වැනිටෝ නගර වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය. සති දෙකක් දක්වා එම නගරවලට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබේ. වෛරසය ආසාදනයෙන් ඉතාලියේ තිදෙනෙකු මියගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 150කට අධිකය. කෙසේ වුවද, වෛරසය ව්‍යාප්තියත් සමඟ නවතා දැමුණු ඇල්ප්ස් කඳුකරයේ ඔස්ට්‍රියාව හා ඉතාලිය අතර දුම්රිය සේවා, යළි ආරම්භ කෙරිණ.

    “කොවිඩ් නයින්ටීන්“ වෛරසය ආසාදනයෙන් ඉරානයේ සිදුවු අටවන මරණය ද අද වාර්තා විය. නව ආසාදිතයන් 15 දෙනෙකු ද හඳුනා ගැණින. ඒ අනුව ඉරානයේ 43 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. ඒ සමඟ තම ඉරාන දේශසීමාව වසා දැමීමටද පකිස්තාන බලධාරීන් පියවර ගනු ලැබීය. තුර්කිය හා ආමේනියාව ද ඉරානය සමඟ ප්‍රවාහන සබඳතා සීමා කිරීමට පියවර ගෙන තිබේ.

    Tran px 900 24 02 20

    කෙසේ වුවද, “කොවිඩ් නයින්ටීන්“ වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට ශීග්‍රයෙන් පහළ ගොස් තිබේ. ඊයේ වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 400ක්. මරණ 150ක් ද ඊයේ දින වාර්තාවිය. වූහාන් ප්‍රදේශයේ සිටි 29 හැවිරිදි වෛද්‍යවරයෙකු ද ඒ අතර විය. “කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් මේ වනවිට මියගිය මුළු පිරිස 2,592ක්.

    වෛරසයේ බලපෑම හේතුවෙන් සිංගප්පූරු ගුවන් සමාගම ද ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකාවේ ඇතුළු ප්‍රධාන නගර රැසක ගුවන් ගමන් සීමාකර තිබේ. පිලිපීනයේ පසුගියදා පැවති සමූහ විවාහ උත්සවයකට ද වෛරසයේ බලපෑම හේතුවෙන් සිංගප්පූරු ගුවන් සමාගම ද ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකාවේ ඇතුළු ප්‍රධාන නගර රැසක ගුවන් ගමන් සීමාකර තිබේ. පිලිපීනයේ පසුගියදා පැවති සමූහ විවාහ උත්සවයකට ද වෛරසයේ බලපෑම එල්ල විය. විවාහ යුවළ 220ම මුඛ ආවරණ පැළඳ උත්සවට එක්ව සිටියහ. මේ වනවිට “කොවිඩ් නයින්ටීන්“, බලපෑමට ලක්ව ඇති රටවල් සංඛ්‍යාව 30කට අධිකයි.

    Weding px 900 24 02 20

    Latest News