චීනයේ “කොරෝනා“ ආසාධනය වූ ‍රෝගීන් 200 ඉක්මවයි

ජන 20, 2020

    චීනයේ “කොරෝනා“ වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නවතම වාර්තා පෙන්වා දෙයි.

    වෛරසය බෙයිජිං අගනුවර දක්වා ද පැතිර ගොස් ඇති බව වාර්තාවේ. කොරෝනා වෛරසය ඉකුත් දෙසැම්බර් මස මුල්වරට සොයා ගැනුණේ, වූහාන් ප්‍රදේශයෙන්. මේ වනවිට වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. බෙයිජිං අගනුවරින් ද රෝගීන් දෙදෙනෙකු වාර්තා වූහ. චීනයේ නව අවුරුදු සමයේ වෛරසය සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට විශ්වාස කෙරේ. වෛරසය ආසාධනය වූ රෝගියෙකු දකුණු කොරියාවෙන් අද වාර්තා විය. තායිලන්තයෙන් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර, ජපානයේ පුද්ගලයෙකුට ද වෛරසය ආසාධනය වී තිබේ.

    Latest News