ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගය ඉවත් කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා  වන දෙවන ඇප අයඳුම්පත නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත්කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා පවසනවා.

චෝදනාවට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිල‍කට  ඇප ලබා දීම, සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, ධනුෂ්ක තවදුරටත් අත්අඩංගුවේ පසු වන බවයි, වාර්තා වන්නේ.

Latest News