පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේදි දිමුත්ගේ ශක්තියට ඇන්ජලෝ සහ චන්දිමාල්ට කැඳවීමක්

නොවැ 29, 2019

    ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන සංචාරයට එක්වන ශ්‍රි ලංකා සංචිතය නම් කෙරේ.

    එ අනුව පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මස 11 දා වැනිදා ප්‍රථම තරගය ආරම්භ කිරිමට නියමිතයි. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 16 දෙනා ගෙන් සමන්විත සංවිතය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළේය. දෙවන තරගය දෙසැම්බර් 19 වැනිදා ආරම්භ වන අතර 23 අවසන්වීමට නියමිතයි

    කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පවරා ඇත. මෙවර ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබීම විශේෂත්වයකි.

    සංචිතයේ සෙසු ක්‍රිඩකයින් ලෙස ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් අඹූල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් ඇතුලත්වේ.

    ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රි ලංකා කණ්ඩායම ලබන මස 08 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    Latest News