ඔස්ට්‍රේලියා-පාකිස්තාන ටෙස්ට් තරගය; වෝනර් නොදැවී 151යි

නොවැ 22, 2019

    ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

    දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව ප්‍රථම ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 312ක් ලබා සිටී. තරගය පැවැත්වෙන්නේ, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හිදී. මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 240ක් රැස් කළේය. ඔස්ට්‍රේලියා කණ්ඩායම පිළිතුරු ඉනිම ආරම්භ කරමින් සිය පළමු ඉනිම සඳහා ප්‍රබල ආරම්භයක් ලබාගත්තේය. ඩේවිඩ් වොනර් සහ ජෝයි බන්ර්ස් පළමු කඩුල්ල සඳහා ලකුණු 222ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. ජෝයි බන්ර්ස් ලකුණු 97ක් ලබා සිටියදී දැවී ගියේය. ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 22 වැනි ශතකය සමඟින් නොදැවී ලකුණු 151ක් ලබා ගැනිමට සමත්විය. පන්දු යැවීමේදී ශෂීර් ෂා කඩුල්ලක් දවා ගත්තේය. තරගයේ තෙවැනි දිනය හෙටයි.

    Latest News