දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට මෙරටින් ක්‍රීඩකයින් 650ක්

ඔක් 22, 2019
    දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 650ක කණ්ඩායමක් සහභාගී කරවීමට නියමිත බව ක්‍රීඩා අධ්‍යක්ෂ  ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.
    දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙනුයේ නේපාලයේ දී ය.  දෙසැම්බර් 01වනදා සිට 10වනදා දක්වා ඒය පැවැත්වෙනු ඇත.  මීට ප්‍රථම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605දෙනෙකු ඊට සහභාගී වීඹට නියමිතව තිබුනි.  නමුත් ඒම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ තරගාවලි සංවිධායකයින් සමග දෝහා හිදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
    මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 35ක්, රිදී පදක්කම් 75ක් සහ ලෝකඩ පදක්කම් 125ක් බලාපොරොත්තුවන බව ක්‍රීඩා අධ්‍යක‍්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 10:54

    Latest News