ජපානය, ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ඔක් 13, 2019

    ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ජපානය අද සමත්විය.

    ඒ, ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් ද ජය වාර්තා කරමින්. ස්කොට්ලන්තය සහ ජපානය අතර තරගය පැවැත්වුණේ, ඒ කාණ්ඩයෙන්. පළමු අර්ධය නිමා වුණේ, ලකුණු 21-7ක් ලෙස ජපානය පෙරමුණ ගනිමින්. නියමිත කාලය අවසන් වනවිට ජපානය 28-21ක් ලෙස ලකුණු ලබාගනිමින් ජය හිමිකර ගැනිමට සමත්විය.

    වේල්ස් සහ උරුගුවේ කණ්ඩායම් අතර තරගය ඩී කාණ්ඩයෙන් පැවැත්විණ. ඉන් ලකුණු 35-13ක් ලෙස ජය වාර්තා කළේ, වේල්ස් කණ්ඩායමයි. වේල්ස් කණ්ඩායම ද තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

    අමෙරිකා සහ ටොංගා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, සී කාණ්ඩයන්. ඉන් ලකුණු 31-19ක් ලෙස ජය වාර්තා කළේ, ටොංගා කණ්ඩායමයි. අයර්ලන්ත සහ සමුවා කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, ඒ කාණ්ඩය යටතේ. ඉන් ලකුණු 47-5ක් ලෙස ජය ලැබීමට අයර්ලන්තය සමත්විය. ඒ අනුව අයර්ලන්තය ද තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

    Latest News