රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට

ඔක් 25, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට ආරම්භ වේ.

    එම තරග ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ සජිව ලෙස විකාශය කෙරේ. ප්‍රථම අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හා දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ මෙමකණ්ඩායම් දෙකයි. නවසීලන්තය තෙවරක් රග්බි ලෝක ශූරයන් බවට පත්විය. එංගලන්තය රග්බි ලෝක ශුරතාව එක්වරක් හිමිකර ගෙන තිබේ. ඒ අනුව හෙට තරගය ලොව ප්‍රබල රග්බි කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන බැවින් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් පවසනවා.

    Latest News