ශ්‍රී ලංකාව, ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු ජය ලබයි

ජූලි 15, 2019

    ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ, සිංගප්පූරුවට එරෙහිව අද (15) පැවති තරගයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

    තරගාවලිය පැවැත්වෙන්නේ, එංගලන්තයේ ලිවර්පූල්හිදී. තරගයේ ආරම්භ සිටම දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, පළමු අර්ධයේදී ලකුණු 45ක් රැස් කළේය. නමුත්, ප්‍රතිවාදී සිංගප්පූරුව එහිදී ලබාගත්තේ ලකුණු 22ක් පමණි. දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාවතවත් ලකුණු 43ක් ලබාගත්තේය. සිංගප්පූරුව, එහිදී ලබාගත්ලකුණු සංඛ්‍යාව 28ක්. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 88-50ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියේ දී ලබාගත් පළමු ජයග්‍රහණය මෙයයි. ශ්‍රී ලංකාව හෙට සමෝවා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි. එය පස්වරු 3.25 සිට රූපවාහිනී “අයි“ නාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News