ICC ලෝක කණ්ඩායම නම් කරයි

ජූලි 15, 2019

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කණ්ඩායම නම් කර තිබේ.

    නවසීලන්ත කණ්ඩායමේ නායක සහ ලෝක ශූරතා තරගාවලියේ වීරයා කේන් විලියම්සන් මෙම කණ්ඩායමේ නායක ලෙස නම් කර ඇත. එමෙන්ම අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 6 දෙනෙකු එම කණ්ඩායමට නම් කර තිබේ. ලෝක ශූරතා තරගාවලියේ ක්‍රීඩකයන් දැක්වූ දස්කම් අනුව ඔවුන්ට ගෞරවයක් ලෙස විශේෂිත කමිටුවක් මගින් මෙම නම් කිරීම කරනු ලැබේ.

    ICC ලෝක කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙළට)

    ජේසන් රෝයි (එංගලන්තය - ලකුණු 443)
    රෝහිත් ෂර්මා (ඉන්දියාව - ලකුණු 648)
    කේන් විලියම්සන් (නායක) (නවසීලන්තය - ලකුණු 578)
    ජෝ රූට් (එංගලන්තය - 556)
    ෂකීබ් අල් හසන් (බංගල්දේශය - ලකුණු 606, කඩුලු 11)
    බෙන් ස්ටොක්ස් (එංගලන්තය - ලකුණු 465, කඩුලු 7)
    ඇලෙක්ස් කැරේ (කඩුලුරැකීම)(ඕස්ට්‍රේලියා - ලකුණු 375, දවාගැනීම් - 20)
    මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියා - කඩුලු 27)
    ජොෆ්රා ආචර් (එංගලන්තය - කඩුලු 20)
    ලොකී ෆර්ගියුසන් (නවසීලන්තය - කඩුලු 21)
    ජස්ප්‍රිට් බුම්රාහ් (ඉන්දියාව - කඩුලු 18)

    ට්‍රෙන්ට් බෝල්ට් (අතිරේක ක්‍රීඩක)(නවසීලන්තය)

    Latest News