ඔස්ට්‍රේලියාව පරදා එංගලන්තය අවසන් තරගයට

ජූලි 11, 2019

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය.

    ඕස්ට්‍රේලියාව සමග අද(11) පැවති 2වන අර්ධ අවසන් තරගය කඩු 8කින් ජය ගැනීමට එංගලන්තයට හැකි විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්වාර 49ක දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 223ක් පමණයි. ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා ඉනිමට යම් ස්ථාවරයක් ගෙන දීමට සමත් විය.

    පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ රෂීඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා. ජෙෆ්රා ආචර් කඩු 2යි.

    පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්වාර 32යි එක් පන්දුවකදී ලකුණු 226ක් ලබා ගැනීමට සමත් වූයේ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දීය. ජේසන් රෝයි පන්දු 65ක දී ලකුනු 85ක් හා ජෝ රූට් නොදැවී ලකුණු 49යි.

    Latest News