නවසීලන්තය අවසන් මහා තරගයට

ජූලි 10, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.

    ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි. තරගය එංගලන්තයේ මැංචෙස්ටර්හිදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08කට ලකුණු 239ක් රැස් කළා. නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 74යි. නායක කේන් විලියම්සන් ලකුණු 67යි. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 03ක් දවාගත්තා. ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකිවුයේ ලකුණු 221ක් පමණයි. රවින්ද්‍ර ජඩේජා ලකුණු 77යි. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 50යි. පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 03ක් දවාගත්තා. ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා. ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ දෙවැනි වරටයි. නවසීලන්තය 2015 වසරේ දී ද ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

    Latest News