ශ්‍රී ලංකාවට ලකුණු 306ක ඉලක්කයක් - බාබර් අසාම් ලකුණු 115යි

සැප් 30, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර, දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පකිස්තානයේ කරච්චිහිදී දැන් පැවැත්වේ.

    පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 305ක් රැස් කළේය. ශ්‍රීකාසියේ වාසිය දිනූ පකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කළේ සකාර් සමාන් සහ ඉමාම් උල්හක්. පළමු කඩුල්ල ලෙස උල්හක් ලකුණු 31කට දැවී ගියේය. සකාර් සමාන් ලකුණු 54ක් රැස් කළ අතර, හරීස් සොහෙල් ලකුණු 40යි. දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් බාබර් අසාම් තම එක්දින ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කිරීමට අද සමත්විය. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 115ක්. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලීය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටී. තරගය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:15

    Latest News