ශ‍්‍රී ලංකා - පකිස්තානය අතර ගැටුම අද (07)

ජූනි 07, 2019

    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගිී වන තුන්වන තරගය බි‍්‍රස්ටල්හි දී අද පැවැත්වේ.

    ඒ, පාකිස්තානු කණ්ඩායමට එරෙහිවයි.

    මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට අයි නාලිකාව ඔස්ටසේ නැරඹිය හැකියි.

    කණ්ඩායම් දෙකම මේ දක්වා සහභාගී වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගැනීමට සමත්වී ඇත.

    ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව මේ දක්වා එක්දින තරග ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා නැහැ.

    මේ දක්වා පාකිස්තානු කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන තරග 7ම ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    පසුගියදා පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34 ක ජයක් වාර්තා කළේය.

    තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයා පන්දු යවන්නන්ට හිතැති කාඩිෆ් හි සොපියා ගාර්ඩ්න් තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

    එදින ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව පහසුවෙන් පසු කරනු ඇතැයි, බොහෝ දෙනා විශ්වාසය පළ කළේය.

    නමුත් තරගයේ ‍ලහිරු තිරිමාන්න ‍දැවී යාමෙන් පසු, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා මෙන්ම තිසර පෙරේරා ද නිකරුණේ සිය කඩුලු ඇෆ්ගන් පන්දු යවන්නන්ට ලබා දුන්නේෙ එම අපේක්ෂාවන් බිඳ දමමින්.

    හුදෙකලා සටනක නිරත වූ කුසල් ජනිත් පන්දු 81කදී ලකුණු 78ක් රැස් කළේය.

    නමුත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගයේ පන්දු වාර සංඛ්‍යාව 41කට සීමා විය.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය.

    කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට හිමි වු ඉලක්කය වුයේ පන්දුවාර 41කදී ලකුණූ 187ක් ලබා ගැනීමයි.

    Latest News