ඕස්ට්‍රේලියාව පරාජය පෙනි පෙනී...ජය ගනී

ජූනි 07, 2019

    2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව අතර තරගය ඊයේ (06) නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 288 ක් රැස් කිරීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියානු ඉනිමේ මුල් කඩුළු 5 ලකුණු 79 ක් තුළ බිඳ හෙළීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය. නමුත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නේතන් කවුල්ටර් පන්දු 60කදි රැස්කළ ලකුණු සංඛ්‍යාව 92 ක් රැස් කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් කාලෝස් බ්‍රැට්වේට් ලකුණු 67කට කඩුලු 2යි. රසල්, කොට්ට්‍රේල් සහ තෝමස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

    ලකුණු 289 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 9කට ලකුණු 273ක් පමණයි. ෂායි හෝප් ලකුණු 68යි, නායක හෝලඩර් ලකුණු 51යි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් ලකුණු 46කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

    තරගයේ වීරයා ලකුණු 92ක් ලබා ගත් ඕස්ට්‍රේලියාවේ නේතන් කවුල්ටර්.

    ඒ අතර එක්දින තරඟ ඉතිහාසයේ වේගයෙන්ම කඩුලු 150 සීමාවට පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් ඊයේ සමත් විය.

    මිචෙල් ස්ටාක් කඩුලු 150ක් දවා ගැනීමට සමත් වූයේ සිය 77 වන එක්දින තරඟයේදියි.

    එමෙන්ම ඊයේ තරඟයේදී ලාබාදුන් විනිසුරු තීරණ කිහිපයක් පිළිබඳව විවේචන එල්ල වී තිබේ.

    Latest News