නවසීලන්තයට කඩුලු 2ක තියුණු ජයක්

ජූනි 06, 2019

    2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරගයෙන් නවසීලන්තය කඩුලු 2ක තියුණු ජයක් ලබා ගනී.

    ඊයේ (05) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ඇරයම් කළේය.

    බංග්ලාදේශය පන්දුවාර 49යි පන්දු 2ක දී සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත් අතර ශකීබ් අල් හසන් ලකුණු 64ක් ලබා ගත්තේය. පන්දු යැවීමෙන් මැට් හෙන්රි ලකුණු 47ට කඩුලු 4ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 44ට කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

    පිලිතුරු ඉනිමට නවසීලන්තය පන්දුවාර 47යි පන්දු 1කදී කඩුලු 8කට ලකුණු 248යි. තරගෙයේ වීරයා වූ රොස් ටේලර් ලකුණු 82ක් රැස් කළේය.

    Latest News