ඉන්දියාව පළමු තරගය කඩුලු 6කින් ජයගනී

ජූනි 06, 2019

    2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහභාගී වූ පළමු තරඟයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත් විය.

    ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගය සවුත්හැම්ටන් හි හැම්ෂෙයර් බෝල් ක්‍රීඩාංගණයේ දී පැවත් විණි.

    කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තීරණ කළ අතර වේග පන්දු යවන්නන්ට ඉතා උචිත වූ එම තණතීරුවේ ඔවුන් ලබා ගත හැකි වූයේ කඩුලු 9කට ලකුනු 227ක් පමණි.

    දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 42ක් ක්‍රිස් මොරිස් විසින් රැස් කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 47යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 230ක් ලබා ගන්නා ලදී. තරගයේ වීරයා බවට පත් වූ රෝහිත් ෂර්මා ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් නොදැවී ලකුණු 122ක් රැස් කළේය.

    Latest News