අපට ලැබුණු තණතීරු දෙකම හොඳ නැහැ - හතුරුසිංහ (වීඩියෝ)

ජූනි 05, 2019

    ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකේ දී ලැබුනු තණතීරු දෙකම එක්දින තරග සඳහා යෝග්‍ය නොවන බව ප්‍රධාන ප්‍රහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

    ඊයේ (04) පැවති තරගයෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ මහතා.....
    "අපිට ක්‍රීඩා කිරීම ලැබුනු තණතීරු එක්දින තරග සඳහා සුදුසු ඒවා නෙවෙයි. අනෙක් තරග බැලුවාහම මේවා වෙනස්. අනෙක් තරග පැවැත්වූ තණ තීරුවල ලකුණු 350ක් පමණ තියෙනවා. අපිට ලැබුනු තණතීරුවල කොළ පැහැය වැඩියි, අනෙක් තරග පැවැත් වූ තණතීරු මේවාට වඩා දුඹුරු හෝ සුදු පැහැයෙන් යුක්තයි. අප බලාපොරොත්තු වනවා මීලඟ තරග සඳහා වත් අපට එක්දින තරගවලට සුදුසු තණතීරු ලැබේවි කියා. ඒ වගේම ඉදිරියේදී මෙන්ඩිස් හා ඇන්ජලෝ ලකුණු අතරට ඒවි"

    Latest News