ශ්‍රි ලංකාවට ලකුණු 34ක ජය සටහන් කළේ මෙහෙමයි

ජූනි 05, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කාඩිෆ්හිදී ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 34 ක ජයක් වාර්තා කළේය.

    ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 32යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණයි. කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය මුළුනිම් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේ.

    ඒ අනුව පළමුවෙන් පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගුවේය. දිමුත් කරුණාරත්න ලකුණු 30යි. ශ්‍රී ලංකා ඉණිම තවත් ශක්තිමත් කරමින් කුසල් පෙරේරාට එක් වූ ලහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට ලකුණු 52 සබඳතාවයක් ගොඩනැගුවේය.

    ශ්‍රී ලංකා ඉනිමේ 21වන පන්දුවාරය වනවිට ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 144ක් ලෙස සටහන් යි.

    අනතුරුව තරගයේ ‍ලහිරු තිරිමාන්න ‍දැවී යාමෙන් පසු කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් , ධනංජයද සිල්වා මෙන්ම තිසර පෙරේරා පිටිය පිවිසි නමුත් කුසල් ජනිත්ට හුදකලා සටනක නිරත වෙමින් පන්දු 81කදී ලකුණු 78ක් රැස් කළේය.

    තරගයට වර්ෂාවෙන් බධා පැමිණීමත් සමග ඩක්වත් ලුවිස් න්‍යායට අනූව තරගයේ පන්දු වාර සංඛ්‍යාව 41කට සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය.

    කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 32යි පන්දු4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි. නජිබුල්ලා සද්‍රන් (43) ඇෆ්ගන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළේය.

    ලසිත් මාලිංග (3/23) හා නුවන් ප්‍රදීප් (4/31) යි. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ලසිත් මාලිංග මෙම තරගයේ දී සමත් විය. මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉනිම 23කදී කඩුලු 46ක් දවා ගැනීමට සමත්ව සිටියි.

    Last modified on බදාදා, 05 ජූනි 2019 08:28

    Latest News