ඇන්ජලෝ සහ දුෂ්මන්ත ඉන්දියාවට

ඔක් 19, 2023

    ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර අතිරේක ක්‍රීඩකයින් ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔවුන් හෙට ඉන්දියාව බලා පිටත්ව යන බවයි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක් වුණා.

    නායක දසුන් ශානක ආබාධයට ලක් වීම හේතුවෙන් ඉන්දියාවට ගොස් සිටි අතිරේක ක්‍රීඩක චාමික කරුණාරත්න, කණ්ඩායමට එක් කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ආබාධවලට ලක් වන ක්‍රීඩකයින්ට ආදේශ කිරීම සඳහා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාව බලා පිට කර යැවීමට තීරණය කළ බවයි. ශ්‍රී ලංකාව මෙවර ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් මුහුණ දුන් තරග තුනම පරාජය වුණා. තරගය පැවැත්වුණේ, දකුණු අප්‍රිකාව, පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව සමගයි.

    ශ්‍රී ලංකාව තරගාවලියේ සිව් වැනි තරගයට සහභාගි වන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි. එය ලබන 21 වැනිදා ලක්නව්හිදී පැවැත්වෙනවා.

    Latest News