රටක් වටින තරුෂිට තවත් උපහාරයක්

ඔක් 19, 2023

    19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ දී මෙරටට පදක්කම් හිමි කර දුන් මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිඳීමේ උත්සවයක් ඊයේ පැවත්වුණා.

    ඒ, කුණ්ඩසාලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දි.

    මෙවර ආසියානු ක්‍රීඩ උලෙළේ දී තරුෂි කරුණාරත්න මීටර 800 ධාවන ඉසව්වෙන් රන්පදක්කම හිමි කර ගත් අතර, ඇය ඇතුළු සහය දිවීමේ කණ්ඩායම මීටර 400 සහය ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.

    මේ අතර, අරුණ දර්ශන, මීටර 400 පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද ඊයේ උපහාර උත්සවයේ දී මුල්‍යමය ත්‍යාග පිරිනමා තිබෙනවා.

    මේ අතර, වලල ඒ රත්නායක විද්‍යාලයේ නේවාසිකාගාරය සදහා අවශ්‍ය වන උපකරණ ද කුණ්ඩලසාලයේ ප්‍රාදේශීය සභාව විසින් මෙහිදී පිරිනැමුණා මධ්‍ය පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

     

    Latest News