2023 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

සැප් 14, 2023
    "‍2023 - අයි සී සී ක්‍රිකට් ලෝක කුසලානය" ප්‍රේක්‍ෂක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ආවා.
     අයි සී සී ‍ලෝක කුසලාන සංචාරය අතරතුරදී මෙරට ක්‍රීඩා ලෝලීන්ට ප්‍රදර්ශනය වෙනුවෙනුයි, එය මෙරටට රැගෙන ආවේ. ලෝක කුසලානයේ මෙරට ප්‍රදර්ශනය කොළඹ - ‍ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් අද ආරම්භ කෙරෙනවා. අතර, එය පස්වරු 2.00 දක්වා එහි ප්‍රදර්ශනය කරනවා.
    ඉන් අනතුරුව පස්වරු 3.00 සිට වන් ගෝල්ඩ් ෆේස් හි දී මහජනතාවට නැරඹීය හැකි අතර, එය රාත්‍රී 8.00 දක්වා ප්‍රදර්ශනය කෙරෙනවා.
    "2023 අයි සී සී ක්‍රිකට් ලෝක කුසලානය" ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සත්කාරක ඉන්දියාවට රැගෙන යාමට නියමිතයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 12:07

    Latest News