Dambulla Aura, B - Love Kandy අවසන් 4ට

අගෝ 13, 2023

    එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීමට දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් සමත් වුණා.

    තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

    තරගාවලියේ ඊයේ පැවති තරගවලින් දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් ජය වාර්තා කළා. බී ලව් කැන්ඩ් කණ්ඩායම ඊයේ තරග වැදුණේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමගයි.

    පළමුවෙන් පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා. මොහොමඩ් හෆීස් ලකුණු 81 යි. පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 3 ක් දවා ගත්තා. ‍දුනිත් වෙල්ලාලගේ සහ ඩිල්ශාන් මධුශංක අතර ‍කඩුලු 2 බැගින් බෙදී ගියා.

    පිළිතුරු ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 170 ක් පමණයි. ෂොයිබ් මලික් නොදැවී ලකුණු 55 යි . පන්දු යැවීමේ ඇන්‍ජිලෝ මැතිව්ස් ලකුණු 10 කට කඩුලු 3යි. තරගයෙන් බී ලව් කැන්ඩි කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 8 කින්.

    දඹුල්ල අවුරා සහ කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා ක්‍රීඩකයින් පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් රැස් කළා.

    බෙන් මැක්ඩමට් නොදැවී ලකුණු 69 යි. ඇලෙක්ස් රොස් ලකුණු 52 ක් රැස් කළා. මතීෂ පතිරණ කඩුලු 2 යි.

    පිළිතුරු ලෙස කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 116 ක් පමණයි. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 21 යි. හසන් අලී ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා. තරගයෙන් දඹුල්ල ක්‍රීඩකයින් ජය ගත්තේ, ලකුණු 50 කින්.

    Latest News