ජය එංගලන්තයට - වීරයා 'මාක්'

ජූලි 10, 2023

    අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි තරගය කඩුලු 3 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. 

    තරග 5 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවති තරග තුනෙන්-දෙකක් ජය ගැනීම නිසා ඔස්ට්‍රේලියාව එහි පෙරමුණේ පසුවන්නේ තරග දෙකට-එකක් ලෙසයි.

    තරගය ඊයේ අවසන් වූයේ , එංගලන්තයේ ලීඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.  පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 263 ට පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලකුණු 237 ක් රැස් කළා.  ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම ලකුණු 224 යි.

    ඒ අනුව, තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 251 ක ඉලක්කයක් හිමි වුණා.

    ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 254 ක් රැස් කරමින්, තරගයේ ජය හිමි කර ගත්තා.  තරගයේ වීරයා මාක් වුඩ්‍.

    Latest News