බ්‍රිතාන්‍ය නොසන්සුන්

අගෝ 04, 2024

    එක්සත් රාජධානියේ නගර කිහිපයක හටගෙන ඇති නොසන්සුන්තාව, මේ වන විට ප්‍රචණ්ඩත්වය දක්වා උත්සන්න වෙමින් පවතින බව වාර්තා වනවා.

     

    ඉකුත් සඳුදා එරට “සවුත්පෝට්” නගරයේදී පිහි ඇණුමකට ලක්කර ගැහැනු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මෙම නොසන්සුන්තාව හටගැනුණා.

    එක්සත් රාජධානියේ මැන්චෙස්ටර්, බ්‍රිස්ටල්, ලිවර්පූල් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කිහිපයක, එරට අන්ත දක්‍ෂිණාංශික විරෝධතාකරුවන් පෙළපාලි සංවිධාන කර තිබෙනවා. ඉකුත් සඳුදා “සවුත්පෝට්” නගරයේදී නර්තන පංතියක් සඳහා සහභාගි වී සිටි ගැහැනු දරුවන් තිදෙනෙකු පිහි ඇණුමකට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ව්‍යාජ තොරතුරු ප්‍රචාරය වීම හමුවේ මෙම විරෝධතා හටගැනුණා. පිහි ප්‍රහාරය එල්ල කළ සැකකරු, මුස්ලිම් සංකමණිකයෙකු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිර යාමත් සමග සිය ගණනක් අන්ත දක්‍ෂිණාංශික සංක්‍රමණ විරෝධී විරෝධතාකරුවන් ඉකුත් දිනවල එරට නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි සංවිධාන කළා.

    මෙම විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩත්වය දක්වා උත්සන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ද හටගෙන තිබෙනවා. උත්සන්න වෙමින් පවතින ප්‍රචණ්ඩත්වය හමුවේ 90 කට වැඩි පිරිසක් මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

    Latest News