102 වැනි උපන් දිනය ගුවන් යානයෙන් පැන සමරයි

අගෝ 26, 2024

    දෙවන ලෝක යුධ සමයේදී රාජකීය නාවික හමුදාවේ සේවය කළ සෙබළියක් වන Manette Baillie සිය 102 වැනි උපන්දිනය සැමරුවේ ගුවන් යානයකින් පිටතට පැනීමෙනි.

    ඒ අනුව බ්‍රිතාන්‍යයේ වයස්ගතම ස්කයිඩ්‍රයිවර් බවට පත් වීමට මැනට් බෙයිලී සමත්ව තිබෙනවා. මිය යෑමට ප්‍රථම යූරෝ 30,000ක අරමුදලක් රැස් කිරීම ඇයගේ මූලික අරමුණ වන අතර මේ වන විට යූරෝ 10,000 ක් පමණ රැස් කිරීමට ඇය සමත්ව තිබෙනවා.

    East Anglian Air Ambulance, Motor Neurone Disease Association වැනි සංගම් සඳහාත් විශ්‍රාමික සෙබළුන්ගේ සමාජයන් සඳහාත් එම අරමුදල් බැර කිරීම ඇයගේ අරමුණයි.

    ලොව වයස්ගතම ස්කයිඩ්‍රයිවර් වන්නේ එක්සත් ජනපදයේ 107 හැවිරිදි ඇල්ෆ්‍රඩ් බ්ලැෂ්කියි. ඔහු වයස අවුරුදු 106 දින 327 කින් මෙම දස්කම දක්වා එහි ගිනස් වාර්තාවටද හිමිකම් කියනවා.

    Latest News