LPL ක්‍රීඩක වෙන්දේසිය අද

ජූනි 14, 2023

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද (14) පස්වරු 3.00 ට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙනවා.

    වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචී ඇති බවයි, වාර්තා වන්නේ.

    වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීම සිදුවන අතර ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ද සිව් දෙනෙකු ඇතුළත් විය යුතුයි.

    එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කිරීමේ හැකියාව පවතිනවා.

    Latest News