ජිම්නාස්ටික් මුල් පුටුවට දොලවත්ත

මැයි 31, 2023

    ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත් වුණා.

    නිලවරණය පැවැත්වුණේ, ක්‍රීඩා අමාත්‍යාංශයේදී.  ජිම්නාස්ටික් ක්‍රීඩා සමාජ 23 ක නිලධාරීන් 57 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. එහිදී, ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඡන්ද 28 ක් ලබා ගෙන සභාපති ධුරයට තේරී පත් වුණා. ලේකම් ලෙස උදාර ලියන්වල මහතා තේරී පත් වූ අතර, භාණ්ඩාගාරික ලෙස තේරී පත් වූයේ, සෙල්වමුත්තු ඉලංගකෝන් මහතායි.

    Last modified on බදාදා, 31 මැයි 2023 19:44

    Latest News