මතීෂ IPL පිටියේ සුපිරි 11 අතරට

මැයි 31, 2023

    මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබෙනවා.ඒ, ලෝකප්‍රකට විස්ඩන් සඟරාව විසින්.

    ඒ අනුව එම කණ්ඩායමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුලත්වීම විශේෂත්වයක්.

    2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණේ මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය ලබාදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

    එම තරඟයේදී්ද කඬුලු 02 ක් දවාගැනීමට මතීෂ පතිරණ සමත් වුණා. මෙවර තරඟාවලියේ තරඟ 12 කට ක්‍රීඩා කළ මතීෂ බිඳ හෙලූ කඬුලු සංඛ්‍යාව 19 ක්.

    විස්ඩන් සඟරාව විසින් අදාළ ක්‍රීඩකයින් 11 දෙනා නම්කර ඇත්තේ මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් 07 ක් අතරින්.

    Latest News