පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට

ජූනි 02, 2023

    ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද හම්බන්තොට, සූරිය වැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා.

    අද තරගයේ දී මතීෂ පතිරණ හා දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තා.

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 268ක්. චරිත් අසලංක පන්දු 95 කදී ලකුණු 91ක් ලබා ගත්තා. ධනන්ජය ද සිල්වා ලකුණු 51යි.

    පන්දු යැවීමේ දී ෆසාල්හක් ෆරූකි සහ ෆරීඩ් අහමඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා. අස්මතුල්ලා, මුජීබ්,නූර් අහමඩ් සහ නබී අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

    පිළිතුරු ඉනිම ඇරඹු ඇෆ්ගනිස්ථානය පන්දු වාර 46.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 269ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. නායකත්වයේ ඉනිමක් දියත් කළ ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 98ක් ලබා ගත්තා. රහ්මාත් ෂා ලකුණු 55යි. නායක ෂහීඩි ලකුණු 38යි.

    පන්දු යැවීමේදී ළහිරු කුමාර, මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගනිද්දී කසුන් රාජිත කඩුලු 2ක් දවා ගත්තා.

    Latest News