පන්දුවක් හිසේ වැඳුණු පැතුම් නිශ්ශංක රෝහල්ගත කරයි (ඡායාරූප)

ඔක් 31, 2018

    එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල අතර දෙදින පුහුණු තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පැතුම් නිශ්ශංක රෝහල් ගතකර තිබේ.

    දෙදින පුහුණු තරගය පැවැත්වුනේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක ෂෝට් ලෙග් පන්දු රකීමින් සිටියදී ජෝස් බට්ලර් එල්ල කළ පහරකින් පන්දුව හිසේ වැදීමෙන් තුවාල ලැබීය. පන්දුව හිසේ වදින අවස්ථාවේදී ඔහු හිස් වැසුමක් පැළඳ සිට ඇත. පන්දුව හිසේ වැදීමත් සමඟ ඔහු ක්ෂණිකව ක්‍රීඩාංගණයේ ඇඳ වැටිණ.

    විනාඩි කිහිපයක් තුළ වෛද්‍යවරුන් පැමිණ ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් පැතුම් නිශ්ශංකගේ තත්වය බරපතල නොවන බව වාර්තාවේ.

    pathu px 900 18 10 31

    pathum2 px 900 18 31 copy

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 18:25

    Latest News