අවසන් මොහොතේ ජය ගත් නෙදර්ලන්තය

නොවැ 22, 2022

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෙනගාලය සහ නෙදර්ලන්තය තරගය Al Thumama ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    තරගය ආරම්භයේ සිටම දෙපිලම හොදින් ක්‍රීඩා කළත් පළමු අර්ධය නිමා වුණේ කිසිදු ගෝලයක් නොමැතිවයි.

    දෙවැනි අර්ධයේද අවසන් මිනිත්තු කිහිපය තෙක්ම දෙපිලමට ගෝල ලබා ගැනීමට නොහැකි වුණා.

    නමුත් තරගයේ 84 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය ක්‍රීඩක Cody Gakpoට හැකි වුණා.

    තරගය අවසන් වීමට මිනිත්තුවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ නෙදර්ලන්ත ක්‍රීඩක Davy Klaassen පන්දුව ගෝලය තුළට එල්ල කරමින් දෙවැනි ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

    ඒ අනුව නෙදර්ලන්තය තරගය ජය ගත්තේ ගෝල 2-0 ක් ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 22 නොවැම්බර් 2022 11:12

    Latest News