එංගලන්තයට විශිෂ්ට ජයක්

නොවැ 22, 2022

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සහ ඉරානය අතර තරගය පැවැත්වුණේ බී කාණ්ඩය යටතේ.

    එංගලන්තය තරගයේ පළමු ගෝලය වාර්තා කළේ තරගයේ 35 වැනි මිනිත්තුවේදී. එම ගෝලය වාර්තා කළේ ජූඩ් බෙලින්හැම්.

    අනතුරුව 43 වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට බුකායෝ සාකා සමත් වුණා. 46 වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් තෙවැනි ගෝලය ලබා දුන්නේ රහීම් ස්ටර්ලිං.

    ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 3 ට 0 ක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. තරගයේ දෙවැනි අර්ධයේ පළමු ගෝලය ලබා ගත්තේ එංගලන්තයේ බුකායෝ සාකා විසින්. ඉරාණය තරගයේ පළමු ගෝලය වාර්තා කළේ 65 වැනි මිනිත්තුවේදී.

    මෙහෙදි ටරේමි එම ගෝලය ලබා ගත්තා. අනතුරුව 71 වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් 5 වැනි ගෝලය ලබා ගත්තේ මාකස් රෂ්ෆෝර්ඩ්.

    තරගයේ 89 වැනි මිනිත්තුවේදී ජැක් ග්‍රීලිෂ් එංගලන්තය වෙනුවෙන් 6 වැනි ගෝලය ලබා ගත්තා. තරගයේ නියමිත කාලය අවසන් වීමට පෙර ඉරානය තවත් ගෝලයක් වාර්තා කළා. තරගය එංගලන්තය ජය ගත්තේ ගෝල 6 ට 2 ක් ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 22 නොවැම්බර් 2022 11:11

    Latest News